ස්පාඤ්ඤයේ ලැව්ගින්නක් - 11ක් මරුට 19ක් අතුරුදන්

ස්පාඤ්ඤයේ ලැව්ගින්නක් - 11ක් මරුට 19ක් අතුරුදන්

July 10, 2026   01:55 pm

දකුණු ස්පාඤ්ඤයේ ඇන්ඩලූසියා (Andalusia) කලාපයේ හටගත් දරුණු ලැව්ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස්, තවත් 19 දෙනෙකු අතුරුදන් වී තිබේ.

කඩා වැටුණු විදුලි රැහැනක් නිසා මෙම ගින්න හටගෙන ඇති බවට සැක කෙරෙන බව විදෙස් වාර්තා පවසයි.

එම ප්‍රදේශයට පවතින සෙල්සියස් අංශක 40ක පමණ දැඩි උණුසුම් කාලගුණය නිසා ගින්න වේගයෙන් පැතිර ගොස් තිබේ.