ඩොලරයේ විකුණුම් මිල 340 පනී
July 9, 2026 11:52 am
ශ්රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්රමාණය වී තිබේ.
ඒ අනුව, මහ බැංකු දෛනික විනිමය දත්ත වාර්තා අනුව අද (09) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 340.8686ක් ලෙසයි.
එහි ගැනුම් මිල රුපියල් 331.3476ක් ලෙස සටහන් වී ඇත.
ඊයේ (08) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 339.7382ක් ලෙස සටහන් වූ අතර ගැනුම් මිල රුපියල් 330.2889ක් ලෙස සටහන් විය.
