අවසන් විනාඩිය තෙක් සටන අත්නොහැරි ආර්ජන්ටිනාව අර්ධ අවසන් පූර්ව වටයට

අවසන් විනාඩිය තෙක් සටන අත්නොහැරි ආර්ජන්ටිනාව අර්ධ අවසන් පූර්ව වටයට

July 7, 2026   11:41 pm

2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ පැවැති තියුණු තරගයකදී ඊජිප්තුව ගෝල 3-2කින් පරාජය කරමින් ආර්ජන්ටිනාව ආර්ජන්ටිනාව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගෙන තිබේ.

තරගයේ පළමු ගෝලය ඊජිප්තුව වෙනුවෙන් 15 වැනි මිනිත්තුවේදී යාසර් ඉබ්‍රාහිම් වාර්තා කළ අතර, 67 වැනි මිනිත්තුවේදී මොස්තාෆා සිකෝ දෙවැනි ගෝලය ලබා ගත්තේය.

කෙසේවෙතත්, ආර්ජන්ටිනාව වෙනුවෙන් ලියොනල් මෙසී 83 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබා දෙමින් කණ්ඩායම නැවත තරගයට ගෙන ආ අතර, ක්‍රිස්ටියන් රොමේරෝ 79 වැනි මිනිත්තුවේදී සහ අතිරේක කාලයේ (90+3) එන්සෝ ෆර්නැන්ඩස් ලබාගත් ජයග්‍රාහී ගෝලයත් සමඟ ආර්ජන්ටිනාව 3-2ක ජයක් වාර්තා කළේය.

ඒ අනුව, ආර්ජන්ටිනාව 2026 FIFA ලෝක කුසලානයේ අවසන් අට දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.