ජීවිතයත් මරණයත් අතර සිටි ඇෆ්ගන් ක්‍රිකට් තරුව දිවි ගමනට සමුදෙයි

ජීවිතයත් මරණයත් අතර සිටි ඇෆ්ගන් ක්‍රිකට් තරුව දිවි ගමනට සමුදෙයි

July 7, 2026   03:29 pm

හිටපු ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ශාපූර් සද්‍රාන් දිගු කලක් තිස්සේ පැවති අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 38කි.

දශකයකට වැඩි කාලයක් ඇෆ්ගනිස්තානය නියෝජනය කළ ඔහු 2025 ජනවාරි මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගියේය.

ඔහු HLH (Hemophagocytic Lymphohistiocytosis) නමැති දරුණු රෝගයකින් පෙළෙමින් සිටි අතර, පසුගිය මාස කිහිපය තුළ ඉන්දියාවේ දිල්ලි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය.

ඔහුගේ අභාවය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා සිටියේ, ශපූර් සද්‍රාන් රට වෙනුවෙන් ඉමහත් කැපවීමකින් ක්‍රීඩා කළ බවත්, ඔහුගේ දක්ෂතා ඇෆ්ගන් ක්‍රිකට් ඉතිහාසයේ සැමදා රැඳෙනු ඇති බවත්ය.