බන්ධනාගාරයේ රැඳවියන් නැග සිටි වහලය කඩා වැටී  4ක් රෝහලට

බන්ධනාගාරයේ රැඳවියන් නැග සිටි වහලය කඩා වැටී 4ක් රෝහලට

July 5, 2026   09:28 pm

මීගමුව බන්ධනාගාරය තුළ අද (05) දහවල් රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමෙන් පසු, පිරිමි රැඳවියන් පිරිසක් එහි වහළ මත නැග විරෝධතාවක නිරත වූහ.

ඔවුන් එලෙස විරෝධතාවයේ නිරත වෙමින් සිටින අතරතුර අද පස්වරුවේ එහි වහලය කඩාවැටී ඇත.

ඉන් තුවාල ලැබූ රැඳවියන් සිවුදෙනෙකු මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.