මහනුවරින් පේරාදෙණියට මහා මාර්ගයෙන් ගිය දුම්රිය මැදිරි
July 3, 2026 06:45 pm
'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත්වූ මහනුවර - කොළඹ ප්‍රධාන දුම්රිය මාර්ගයේ, කඩුගන්නාව සහ රඹුක්කන අතර ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කිරීමේ විශේෂ වැඩසටහනක් අද (03) ආරම්භ කෙරිණි.
දුම්රිය මාර්ගයේ පවතින අවහිරතා හේතුවෙන්, සන්නිවේදන උපකරණ හා ඉදිකිරීම් අමුද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය දුම්රිය මැදිරි දෙකක් මහනුවර සිට පේරාදෙණිය දුම්රිය ස්ථානය වෙත රැගෙන මහා මාර්ගය ඔස්සේ රැගෙන යනු ලැබීය.
මෙහි විශේෂත්වය වූයේ, දුම්රිය මැදිරි ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් බර වාහන ප්‍රවාහන ට්‍රක් රථය ශ්‍රී ලංකාව තුළදීම නිපදවන ලද්දක් වීමය.
දුම්රිය මැදිරි දෙකම මේ වන විට මහා මාර්ගය ඔස්සේ පේරාදෙණිය දුම්රිය ස්ථානය වෙත රැගෙන ගොස් ඇති අතර, දුම්රිය එන්ජිමද මෙම රථය මඟින්ම පේරාදෙණිය වෙත ප්‍රවාහනය කිරීමට නියමිතව ඇත.
