අර්බුද මැද නම් කෙරුණු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම
July 3, 2026 01:53 pm
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබේ.
ඒ අනුව නිශාන් මධුෂංක, ළහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, සොනාල් දිනුෂ, මිලාන් රත්නායක, ඉසිත විජේසුන්දර, ප්‍රභාත් ජයසූරිය සහ අසිත ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් ක්‍රීඩා කරනු ඇත.
ඉසිත විජේසුන්දරට ටෙස්ට් වරම් හිමිව තිබීමත් විශේෂත්වයකි.
ශ්‍රී ලංකා සංචිතයේ සිටි ක්‍රීඩකයින් 05 දෙනෙකු ආබාධවලට සහ අසනීප තත්ත්වයෙන් සිටින පසුබිමක මෙම කණ්ඩායම නම් කර තිබේ.
ආබාධයකට ලක්ව සිටින ආරම්භ පිතිකරු පැතුම් නිස්සංකගේ ස්ථානයට ළහිරු උදාර ක්‍රීඩා කරනු ලබයි.
රමේෂ් මෙන්ඩිස් බැක්ටීරියා ආසාදනයකට ලක්ව ඇත.
වේගපන්දු යවන ක්‍රීඩකයින් වන ළහිරු කුමාර සහ විශ්ව ප්‍රනාන්දු දෙදෙනාම මේ වනවිට ආබාධවලට ලක්ව සිටිති.
