කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
July 1, 2026 03:23 pm
ඒ.එල්.කේ.විජේමාන්නගේ මහතා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කර තිබේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර දැනට පුරප්පාඩුව පවතී.
ඒ අනුව, එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරනු ලබන, එම දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ඒ.එල්.කේ.විජේමාන්නගේ මහතා මෙලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට වහාම ක්‍රියාත්මක වන පරිදි පත්කර ඇත.
ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාල යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.
