රුපියල් කෝටියක් වටින සුපර් බයික් සමඟ මාට්ටු වූ ව්‍යාපාරිකයා
June 30, 2026 12:24 pm
මෙරට ලියාපදිංචි කළ නොහැකි කෝටියකට අධික වටිනා අධිබලැති නවීන පන්නයේ යතුරුපැදි පහක් සමඟ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සමඟ ව්‍යාජ අංක තහඩු දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අතුරුගිරිය, හෝකන්දර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
සැකකරු හෝකන්දර ප්‍රදේශයේ 25 හැවිරිදි පදිංචිකරුවෙකු බව සඳහන් වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
