යළි සාකච්ඡා සදහා පිවිසීමට ඉරානය සහ අමෙරිකාව එකඟ වෙයි
June 29, 2026 11:01 am
ගැටුම් නවතා යළි සාකච්ඡා සදහා පිවිසීමට ඉරානය සහ අමෙරිකාව එකගවී තිබේ.
ඒ අනුව අමෙරිකානු සහ ඉරාන බලධාරීන් එළඹෙන අගහරුවාදා දිනයේ කටාර් රාජ්‍ය යේ දෝහාහිදී හමුවීමට සැළසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එහිදී හෝමූස් සමුද්‍රසන්ධියේ නාවික ප්‍රවාහනය ඇතුළු දෙරට අතර අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් ගැඹුරින් අවධානය යොමු කෙරෙනු ඇත.
කෙසේ වෙතත් ඉදිරි දින 30ක කාලය සදහා ද හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය යටතේ පවත්වාගන්නා බව ඉරාන විදේශ අමාත්‍යවරයා පවසා තිබේ.
