දිට්වා ප්‍රතිසංස්කරණ යථා තත්ත්වයට පත් කිරීම ගැන නවතම අනාවරණයක්
June 28, 2026 05:11 pm
අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය 2025 වසරේ අග භාගයේ දී සිදුවූ විනාශයන් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු 2026 වසරේදි නිම කළ නොහැකි බවට 2027 වසරට අදාළව මුදල් අමාත්‍යාංශය නිකුත් කර ඇති මූල්‍ය ක්‍රමෝපාය වාර්තාවේ සඳහන් කර තිබේ.
අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ ආපදාවෙන් සිදුවූ විනාශය හේතුවෙන් පාර්ලිමේන්තුව විසින් 2026 වසරට රුපියල් බිලියන 500ක අතිරේක ප්රතිපාදනයක් අනුමත කළ නමුත් පුනරුත්ථාපන වැඩසටහනේ විශාලත්වය සහ සංකීර්ණත්වය හේතුවෙන් එම සියලු කටයුතු මෙම වසරේදී නිම කිරීමට නොහැකි බවය.
එමෙන්ම මෙම වසර සඳහා අනුමත කරන ලද අතිරේක ප්රතිපාදනයෙන් උපයෝජනය නොකළ ශේෂයක් පැවතියහොත් එය 2027 වසර වෙත ගෙන යාම සඳහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපාදන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත යටතේ නීතිමය ප්රතිපාදනයක් නොමැති බවද එහි සඳහන් වේ.
ඒ අනුව නිම කිරීමට ඉතිරිව ඇති කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රමාණය මෙම වසර අවසානයේදි සිදු කරනු ලබන තක්සේරුවකින් අනතුරුව තීරණය කරන බවත් එම වාර්තාවේ දැක්වේ.
මෙම අවශ්‍යතාවලින් කොටසක් 2027 වසරට අදාළ ප්‍රාථමික වියදම් සීමාව තුළ කළමනාකරණය කර ගැනීමට හැකි වුවද ඉතිරි කටයුතු නිම කිරීම සඳහා අතිරේක අයවැය ප්‍රතිපාදන අවශ්‍ය විය හැකි බවත් එම ප්‍රතිපාදන ප්‍රමාණය සහ ඒවා අවශ්‍ය වන කාලය මෙම අවස්ථාවේදී අවිනිශ්චිතව පවතින බවත් මූල්‍ය ක්‍රමෝපාය වාර්තාවේ සඳහන් කර තිබේ.
ඒ අනුව මෙවැනි තත්ත්වයක් යටතේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ විධිවිධානවලට යටත්ව පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද අතිරේක ප්රතිපාදනය යටතේ මෙම වසරේ ආරම්භ කරන ලද දිත්වා ප්‍රතිසංස්කරණ හා යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු නිම කිරීමට අදාළ වියදම් සඳහාම පමණක් 2027 වසරේදී පරිපූරක ඇස්තමේන්තුවක් මගින් පාර්ලිමේන්තුව වෙතින් අනුමැතිය ලබා ගැනීමට කටයුතු කළ හැකි බවත් අදාළ වාර්තාව වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
