තෙලිප්පලෙයි මූලික රෝහල මධ්‍යම රජයට පවරා ගැනීමට සාකච්ඡා

තෙලිප්පලෙයි මූලික රෝහල මධ්‍යම රජයට පවරා ගැනීමට සාකච්ඡා

June 28, 2026   04:25 pm

තෙලිප්පලෙයි මූලික රෝහල මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට ගැනීමේ හැකියාව පිළිබඳ පුළුල් සාකච්ඡාවක් සිදුව තිබේ.

ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා එම රෝහලේ නිල නිරීක්ෂණ චාරිකාවට එක්වූ අවස්ථාවේදීය.

වර්තමානයේදී උතුරු පළාත් සභාවේ පරිපාලනය යටතේ ක්‍රියාත්මක වන තෙලිප්පලෙයි මූලික රෝහල ඒ අනුව මධ්‍යම රජයේ පරිපාලනය යටතට පත් කිරීමේ හැකියාව පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ගෙන තිබේ.

එහිදී රෝහලේ සේවා තත්ත්වය ඉහළ නැංවීම, පරිපාලන හා සම්පත් කළමනාකරණය ශක්තිමත් කිරීම සහ සේවා තත්ත්වය ඉහළ නැංවීම, පරිපාලන හා සම්පත් කළමනාකරණය ශක්තිමත් කිරීම මෙන්ම රෝගීන්ට ලබාදෙන ප්‍රතිකාර සේවා තවදුරටත් පුළුල් කිරීම පිළිබඳවද මෙහිදී අවධානයට ලක්විය.

තවද රෝහලේ වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය, සෞඛ්‍ය සේවකයින් සහ පරිපාලන නිලධාරීන් සමග සෘජුව සාකච්ඡා කරමින් ඔවුන් මුහුණ දෙන අභියෝග, අව්‍යශතා සහ සේවා සංවර්ධනය සඳහා වූ යෝජනා පිළිබඳව අදහස් විමසා බැලුණි.

එමෙන්ම, රෝහලේ පවතින කාර්ය මණ්ඩල හිඟය, විශේෂඥ වෛද්‍යවරුන් හා හෙද කාර්ය මණ්ඩලයේ අවශ්‍යතාව, වෛද්‍ය උපකරණවල හිඟය, සෞඛ්‍ය සේවකයන්ගේ ගැටලු, යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව සහ රෝගී සේවා පුළුල් කිරීම සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා යාපනය දිස්ත්‍රික්ක් වෛද්‍ය එස්. ශ්‍රීභවානන්දරාජා, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම් ශාලින්ද බණ්ඩාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස්. ශ්‍රීධරන්, උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සමන් පතිරණ, තෙලිප්පලෙයි මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ඒ. දේවනායගම්, යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ටී. සත්‍යමූර්ති, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය, රෝහල් සේවකයන් සහ රෝහල් සංවර්ධන කමිටු සාමාජිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.