සහස්පුරේ ඇළක පුද්ගල මළසිරුරක්
June 28, 2026 06:26 am
සහස්පුර පොලිස් වසමේ හල්ගහවත්ත ප්‍රදේශයේ ඇළක පිරිමි පුද්ගලයෙකුගේ මෘතශරීරයක් පාවෙමින් තිබියදී සොයාගෙන තිබේ.
ඊයේ (27) සහස්පුර පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි.
පොලිසිය පැවසුවේ මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති බවය.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 55ක් පමණ වන උස අඩි 5යි අඟල් 04ක් වන සුදු හිසකෙස් සහිත පුද්ගලයෙකු වන අතර කළු කමිසයක් හා කළු පැහැති කලිසමක් හැඳ සිටි බවද පොලිසිය පවසයි.
මෘතශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සහස්පුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
