වෙනිසියුලාවේ භූකම්පනයෙන් 50,000ක් පමණ අතුරුදන් බවට තොරතුරු

වෙනිසියුලාවේ භූකම්පනයෙන් 50,000ක් පමණ අතුරුදන් බවට තොරතුරු

June 27, 2026   09:50 pm

වෙනිසියුලානු භූ කම්පනයෙන් අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු සඳහා අද (27) දිනය තීරණාත්මක බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය කටයුතු පිළිබඳ ප්‍රධානී ටොම් ෆ්ලෙචර් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට සෝදිසි මෙහෙයුම්වල නිරත කණ්ඩායම්වලට කාලය සමග තරගයක නිරතවීමට සිදුව ඇති බවය.

කෙසේවෙතත් පසුගිය බදාදා රාත්‍රියේ සිදු වූ මෙම භූ කම්පන හේතුවෙන් පුද්ගල මරණ 900 ඉක්මවූ සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බවට සැක පළ කරයි.

වාර්තා වී ඇති තොරතුරුවලට අනුව 50,000ක පමණ පිරිසක් අතුරුදන්ව ඇති බව ටොම් ෆ්ලෙචර් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

එමෙන්ම මෙම භූ කම්පනය හේතුවෙන් විදෙස් ජාතිකයින් 40දෙනෙකු මියගොස් ඇති බව ද මේ වන විට තහවුරු වී තිබේ.

මේ අතර වෙනිසියුලාවේ සිදු වූ භූකම්පනය හේතුවෙන් පුද්ගලයින් මිලියන 6.76ක් පමණ පීඩාවට පත්වීමේ අවදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.