ආණ්ඩුව පිළිබඳ ජනතාවට තිබූ විශ්වාසය මුළුමනින්ම නැතිවෙලා - දිලිත් ජයවීර

ආණ්ඩුව පිළිබඳ ජනතාවට තිබූ විශ්වාසය මුළුමනින්ම නැතිවෙලා - දිලිත් ජයවීර

June 27, 2026   07:03 pm

ජනතාවට වත්මන් ආණ්ඩුව ගැන තිබූ විශ්වාසය වර්තමානය වනවිට සම්පූර්ණයෙන්ම නැති වී ගොස් ඇති බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

ඌව පරණගම සර්වජන සභාව පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පලකර සිටියේය.

ඌව පරණගම සර්වජන සභාව පිහිටවීම සහ කොට්ඨාශ සංවිධායකවරු සඳහා පත්වීම් ලිපි ප්‍රධානය කිරීම සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර,

'' අද විවිධ හේතු නිසා අපිට විශාල දේශපාලන අවකාශයක් ලැබිලා තියෙනවා.. ඒකට ස්තූතිවන්ත වෙන්න ඕනේ මේ ආණ්ඩුවට.. 76 වසරම නරකයි අපි ආවම ඒක වෙනස් වෙනවා කියලයි බලයට ආවේ.. එතකොට මිනිස්සුන්ගේ අපේක්ෂාවලට මොකද වුණේ.. එහෙම නම් මහ ලොකු දෙයක් වෙයි.. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අවලාද ගොඩක් කියලා යන්න ගියා.. ඔහු කතා කරනව ද මේ ගොවීන්ගේ ගොවි ගැටලු ගැන.. සියලුම පාරිභෝගික භාණ්ඩවලට වුණු දේ ගැන.. නෑ ඔහු කතා කරන්නේ නෑ.. ඔහු ඒ වෙනුවට නාඩගම් වේදිකාගත කරලා ඒ වේදිකා ගත කරපු නාඩගම් ගැන සාරංශයක් දීලා මේ රටේ ඉන්න බහුතරයක් බුද්ධිමත් ජනතාවට විශාල අවඥාවක් කළා.. අපේ ගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව අමතලා කිව්වා ශිෂ්ටසම්පන්න දේශපාලනයක් ගැන.. ඒ වචනය කියවෙනකොටම ගැලපෙන්නේ නෑ.. මොකද එතුමාගේ කටින් ශිෂ්ටසම්පන්නයි කියනකොට අපිට මතක් වෙන්නේ පාර්ලිමේන්තුවට බෝම්බ ගහලා මන්ත්‍රීවරයෙක් මියගිය එක.. අද මම කියන්නේ මේ රටේ මිනිස්සුන්ට නැති වෙලා තියෙන්නේ වෙන මුකුත් නෙමේ.. මේ ආණ්ඩුව ගැන තියෙන විශ්වාසය''