නඩු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් ලැක්ටොවත්තේදී විනාශ කෙරේ

නඩු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් ලැක්ටොවත්තේදී විනාශ කෙරේ

June 27, 2026   01:42 pm

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් වැටලීම්වලදී සිය භාරයට ගනු ලැබූ නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් හා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ ඇති නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් අද (27) විනාශ කරනු ලැබීය.

ඒ මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණි පෙරේරා මහත්මිය ඉදිරියේ පුත්තලම වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති දහන උඳුනේදීය.

මෙම මත්ද්‍රව්‍ය තොගය මීගමුව අධිකරණ භූමියේ සිට එම උඳුන වෙත රැගෙන ගිය අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ දැඩි ආරක්ෂක් යටතේ මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන එනු ලැබීය.

විනාශ කරන ලද මත්ද්‍රව්‍ය තොගය අතරට අයිස් කිලෝ 13 ග්‍රෑම් 22ක්, කොකේන් කිලෝ 2 ග්‍රෑම් 30, කුෂ් කිලෝ 39 ග්‍රෑම් 710, හෙරොයින් ග්‍රෑම් 156‍, ගංජා හා හෂීස් කිලෝ 04 ග්‍රෑම් 136, මැන්ඩි කිලෝ 1 ග්‍රෑම් 200, මත්පෙති 26,262, ද ඇතුළත් වේ.