ප්‍රවීන දමිළ නළු කේ. භාග්‍යරාජ් දිවි සැරිය නිම කරයි

ප්‍රවීන දමිළ නළු කේ. භාග්‍යරාජ් දිවි සැරිය නිම කරයි

June 27, 2026   10:49 am

දෙමළ සිනමාවේ ප්‍රමුඛ පෙළේ අධ්‍යක්ෂවරයෙකු මෙන්ම දක්ෂ රංගන ශිල්පියෙකු ද වූ කේ. භාග්‍යරාජ් හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 73ක් බව විදෙස් වාර්තා පවසයි.

භාග්‍යරාජ් සිය සිනමා ගමන ආරම්භ කළේ භාරතිරාජා අධ්‍යක්ෂණය කළ '16 වයතිනිලේ' (16 Vayathinile-1977) චිත්‍රපටයේ සුළු චරිතයකිනි.

පසුව ඔහු එහි සහාය අධ්‍යක්ෂවරයෙකු ලෙසත්, තිරපිටපත් රචකයෙකු ලෙසත් කටයුතු කර තිබේ.

ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද 'මූන්ද්‍රානයි මුඩිච්චු' (Mundhanai Mudichu), 'අන්දා 7 නාට්කල්' (Andha 7 Naatkal) සහ 'මෞන ගීතන්ගල්' (Mouna Geethangal) වැනි චිත්‍රපට අතිශය ජනප්‍රියත්වයට පත් විය.

දශක පහකට ආසන්න ඔහුගේ සිනමා ජීවිතය තුළ ඔහු චිත්‍රපට 20 කට වඩා අධ්‍යක්ෂණය කර ඇති අතර චිත්‍රපට 75 කට වැඩි ප්‍රමාණයක රංගනයෙන් දායක වී තිබේ.