උපරිමාධිකරණයේ පුරප්පාඩු ගැන විවාදයක් ඉල්ලා කතානායක වෙත විපක්ෂයෙන් ලිපියක්
June 26, 2026 11:44 am
උපරිමාධිකරණයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග අවධාරණය කරමින් ඒ සඳහා වූ විවාදයක් පැවැත්වීම සඳහා අවසර ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් යෝජනාවක් කථානායකවරයා වෙත අද (26) ලබා දී තිබේ.
මේ වන විට උපරිමාධිකරණයේ පුරප්පාඩු 8කට වැඩි සංඛ්‍යාවක් මාස 6කට වැඩි කාලයක් පුරවා නොතිබීම තුළ නීතියේ ආධිපත්‍යයට ඇති බලපෑම සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් හා යුක්තියට ප්‍රවේශය කෙරෙහි ඇති ප්‍රතිවිපාක පිළිබඳව පාර්ලිමේන්තුව සතු වගකීම සහ වගවීම අවධාරණය කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් මෙම ලිපිය කථානායකවරයා වෙත භාර දී ඇත.



