නීතිවිරෝධී ලෙස ඩොලර් විදේශ ගතකළ ව්‍යාපාරිකයා රිමාන්ඩ්
June 25, 2026 02:50 pm
විදෙස් රටවලින් භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් රුපියල් බිලියන 190කට ආසන්න මුදලක් රටින් බැහැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ජෙෆ්රි මොහොමඩ් නමැත්තා ජූලි 9 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ රදවාගෙන සිටි මෙම සැකකරු අද (25) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවට පමුණුවනු ලැබූ අවස්ථාවේ මෙම නියෝගය ලබාදුන්නේය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී රජයේ නීතීඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම සැකකරු විදේශවලින් භාණ්ඩ ආනයනය කරන බව සඳහන් කරමින් රුපියල් බිලියන 190කට ආසන්න මුදලක් විදේශ රටවලට නීතිවිරෝධී ලෙස යවා තිබෙන බවය.
සැකකරු ටෙලිග්රැෆිට් ට්‍රාන්සර් ක්‍රමවේදය හරහා කොළඹ කොටුවේ පිහිටි ඒ.වයි ඉන්වෙස්ට්මන්ට් නම් ආයතනයක් හරහා එම මුදල් අමෙරිකානු ඩොලර් ලෙස විදේශවලට යවා ඇති බව සඳහන් කළේය.
භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් මේ ආකාරයට රටේ මුදල් විදේශ රටවලට බැහැර කළද සැකකරු කිසිදු අවස්ථාවක බැරකරන මුදල් මත මෙරටට ආනයනය කළ භාණ්ඩ නොමැති බවත් රජයේ නීතීඥවරයා පැවසීය.
මෙම මුදල් උපයාගත් ආකාරය හෝ කුමන අරමුණක් සඳහා විදේශ රටවලට සැකකරු විසින් මුදල් යොමු කර තිබේද යන කරුණ සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන බවත් සඳහන් කළේය.
ඊට අමතරව සැකකරු විසින් මත්ද්‍රව්‍ය ඡාවාරම් කරුවන්ගේ මුදල් ද ඔහුගේ නමින් ඇති බැංකු ගිණුම්වලට බැරකර තිබෙන බවත් රජයේ නීතීඥවරයා පෙන්වා දුන්නේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයා ඕනෑම කොන්දේසියක් සහිත ඇපයක් මත මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු ජුලි 9 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.
