චරිත් අබේසිංහට සජබයෙන් විනය පරීක්ෂණයක්

චරිත් අබේසිංහට සජබයෙන් විනය පරීක්ෂණයක්

June 25, 2026   01:52 pm

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා පිළිබඳව විනය පරික්ෂණයක් සිදුකරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයක පිළිතුරු දෙමින් විපක්ෂනායකවරයා ඒ බව සඳහන් කළේය.

"අනිවාර්යෙන්ම විනය පරීක්ෂණ පවත්වනවා. අනිවාර්යෙන්ම ගන්න තියෙන ලොකුම පියවර ගන්නවා. මොකද අපේ පක්ෂයේ වැරදිකරුවන්ට අපරාධකරුවන්ට කිසිම අවස්ථාවක්, තැනක් නැහැ."