උතුරු ජපානයෙත් භූකම්පනයක්
June 25, 2026 06:12 am
උතුරු ජපානයේ රික්ටර් මාපක 6.9ක භූකම්පනයක් හට ගෙන ඇති වූ අතර, සුනාමි අනතුරු ඇඟවීමක් නොමැති බව එරට කාලගුණ ඒජන්සිය පැවසීය.
භූකම්පනය ඉවාටේ හි උතුරු ප්‍රදේශයෙන් ඔබ්බෙන් සිදුව ඇති අතර, එහි කේන්ද්‍රය කිලෝමීටර 50ක් ගැඹුරින් පිහිටා ඇති බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය වැඩිදුරටත් සඳහන් කරයි.
කම්පනය වඩාත් ප්‍රබල ලෙස දැනී ඇත්තේ හෂිකාමි නගරයට ය.
ජපානය පෘථිවියේ භූ තැටි සක්‍රීයව පිහිටා ඇති කලාපයකට අයත් රටක් වන අතර, මේ නිසාවෙන් එරට නිරන්තරයෙන්ම විවිධ ප්‍රමාණයේ භූකම්පන හට ගනී.
කෙසේ වෙතත්, නවීන තාක්ෂණය භාවිතයෙන් ස්වභාවික විපත් සඳහා දැඩි අවධානයෙන් සිටීමට සහ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමට ජපානය මේ වනවිට කටයුතු කරමින් සිටී.
