හෝමාගම, කොට්ටාව ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්

හෝමාගම, කොට්ටාව ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්

June 23, 2026   10:11 am

හෝමාගම, කොට්ටාව, ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (24) ප.ව. 6සිට අනිද්දා (25) ප.ව. 6 දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව,
ගලගෙදර, හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය, පැලැන්වත්ත සහ මහරගම යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව බලපැවැත්වේ.

ලබුගම, කලටුවාව සිට මහරගම දක්වා ජලය සපයන ප්‍රධාන සැපයුම් මාර්ගය ආශ්‍රිතව සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය නිවේදනය කරයි.