උ. පෙළ උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමේ කාලය දිගුවෙයි

උ. පෙළ උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමේ කාලය දිගුවෙයි

June 22, 2026   06:10 pm

අ.පො.ස. (උ.පෙළ) විභාගය 2026 උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමේ කාල සීමාව දීර්ඝ කර තිබේ.

අ.පො.ස. (උ. පෙළ) විභාගය - 2026 උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සඳහා මෙතෙක් අයදුම් කිරීමට නොහැකි වූ පරීක්ෂකවරුන් වෙතින් ලැබී ඇති ඉල්ලීම් සලකා බලා, උත්තරපත්‍ර ඇගයීම් සඳහා මාර්ගගතව අයදුම් කිරීමේ අවස්ථාව 2026.06.26 දින තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවට විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව, https://onlineexams.gov.lk/eic සබැඳිය ඔස්සේ 2026.06.26 දින තෙක් මාර්ගගත ව අයදුම් කළ හැකි ය.

අයදුම්පත් යොමු කිරීමේ දී කිසියම් ගැටලුවක් මතුවුවහොත් තාක්ෂණික සහාය සඳහා දුරකථන අංක 0113661122, 0113671568 ඔස්සේ මාර්ගගත ශාඛාව හෝ දුරකථන අංක 0112785231, 0112785681 ඔස්සේ පාසල් විභාග ඇගයිම් ශාඛාව අමතන ලෙස වැඩිදුරටත් දනුම් දී ඇත.