ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි - රියදුරු අතුරුදන්
June 22, 2026 06:20 am
මහියංගනය, මාපාකඩ මාර්ගයේ දියබාන ප්‍රදේශයේදී මාපාකඩ දෙසට ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් රියැදුරුට පාලනයකරගත නොහැකිව වියානා ඇලට පෙරළීමෙන් අනතුරක් සිදුව ඇත.
අනතුරින් ට්‍රැක්ටර් රථ රියැදුරු දියේ ගිලී අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 45ක් වූ මහියංගනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අතුරුදන් වූ පුද්ගලයා සොයා මේ වන ටිට සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර මහියංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
