IMF නියෝජිතයින් පිරිසක් එළැඹෙන සතියේ දිවයිනට
June 21, 2026 06:48 am
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබේ.
ඒ අනුව ඔවුන් එළැඹෙන ජුනි 24-30 කාලය තුළ මෙරට සංචාරයක නිරත වනු ඇත.
මෙම සංචාරය අතරතුර IMF නිලධාරීන් මෙරට මෑත කාලීන ආර්ථික වර්ධනයක් තක්සේරු කිරීමට සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ක්‍රියාකාරිත්වය සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වීමටද නියමිතව තිබේ.
