තැන් දෙකක මාරක අනතුරු
June 19, 2026 02:19 pm
පූනෑව සහ පල්ලෙවෙල යන ප්රදේශවල සිදුවූ යතුරුපැදි අනතුරුවලින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ.
පොලිසිය පැවසුවේ පූනෑව, ගොල්ලෑව ප්රදේශයේදී බස් රථයක් ඉදිරියෙන් ගමන්ගත් යතුරු පැදියක ගැටීමෙන් සිදුවු අනතුරකින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකාරිය එම ස්ථානයේදීම මියගොස් ඇති බවය.
මෙලෙස මියගොස් ඇත්තේ 56 හැවිරිදි පූනෑව ප්රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.
මේ අතර පල්ලෙවෙල, කල්එළිය ප්රදේශයේදී ද කන්ටේනර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් සිදුවු අනතුරකින් පසුපැදිකාරිය මියගොස් ඇති බව පොලීසිය පැවසීය.
මියගොස් ඇත්තේ 33 හැවිරිසි කල්එළිය ප්රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් වන බවද සඳහන්.
