මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට
June 19, 2026 10:28 am
ලෝක වෙළෙඳපොළ තුළ රන් මිල සැලකියයුතු පහළයාමත් සමඟ මෙරට රන් මිල රුපියල් 9,000කින් පහළ ගොස් තිබේ.
ඒ අනුව, ඊයේ (18) රුපියල් 391,000ක් ලෙස සඳහන් වූ කැරට් 24ක රන් පවුමක මිල අද (19) රුපියල් 382,000ක් ලෙස සඳහන් වෙයි.
මේ අතර, ඊයේ දින රුපියල් 359,700ක් වූ කැරට් 22 රන් පවුමක අද දින රුපියල් 351,500 ක් ලෙස සඳහන් වෙයි.
ලෝක වෙළෙඳපොෆළ් රන් අවුන්සයක මිල අද දිනයේ සටහන් වුණේ අමෙරිකානු ඩොලර් 4,138ක් ලෙස දැක්වුණි.
