ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අදින් වසරකට පෙර පැවැති අගයටම
June 18, 2026 09:20 pm
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (18) වන විට පසුගිය වසරේ ජුනි 19 වැනිදා පැවති මට්ටමට සමාන අගයකට පැමිණ ඇති බව වාර්තා වෙයි.
මේ වන විට ලෝක වෙළෙඳපොළ දත්ත අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 73.83ක් ලෙස සටහන් ව ඇති අතර එය 3.85%කින් පහළ ගොස් තිබේ.
එමෙන්ම බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 76.64ක් ලෙස සටහන් වූ අතර, එය 3.66% අඩුවී ඇත.
මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 71.02ක් ලෙස සටහන් වී ඇති අතර එයද ඩොලර් 3.29කින් (4.43%) පහත වැටී තිබේ.
