කල්පිටියේදී පොලීසිය හා ගුවන් හමුදා සෙබළුන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වයක් ගැන විමර්ශනයක්
June 18, 2026 02:08 pm
කල්පිටිය මුහුදු තීරයේ වැටලීමක් සිදුකිරීමට ගිය ශ්රී ලංකා පොලිස් නිලධාරීන් පිරිසක් සහ ගුවන් හමුදා සාමාජිකයින් පිරිසක් අතර ඇති වූ උණුසුම් තත්ත්වයක් සම්බන්ධයෙන් පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන නීතිවිරෝධී භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් කල්පිටිය මුහුදු තීරයට ගොස් තිබුණි.
එහිදී එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි ගුවන් හමුදා සාමාජිකයින් පිරිසක් අදාළ කලාපය තම භාරයට අයත් ප්රදේශයක් බව පවසා ඇති අතර, ඒ හේතුවෙන් දෙපාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.
