ඉරානයේ සාධාරණ හා නීත්‍යානුකූල ඉල්ලීම් සඳහා චීනයේ සහාය
June 18, 2026 09:47 am
චීනය සැමවිටම ඉරානයේ සාධාරණ හා නීත්‍යානුකූල ඉල්ලීම් සඳහා මෙන්ම එරට ස්වෛරීභාවය සහ ආරක්ෂාව උදෙසා ගන්නා උත්සාහයන්ට සහාය දක්වන බව චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ, ඉරාන විදේශ අමාත්‍ය Seyed Abbas Araghchi මහතා සමඟ පැවැති දුරකථන සංවාදයකට එක්වෙමිනි.
ඉරානය සහ ඇමරිකාව අත්සන් කළ පළමු අදියරේ අවබෝධතා ගිවිසුම පිළිබඳ පැහැදිලි කළ ඉරාන විදේශ අමාත්‍යවරයා, ඒ වෙනුවෙන් චීනය ඉටු කළ ක්‍රියාකාරී භූමිකාව සම්බන්ධයෙන් මෙහිදී ස්තුතිය පළ කර ඇත.
අවබෝධතා ගිවිසුම ඵලදායී ලෙස ක්‍රියාත්මක කළ යුතු බවත්, ලෙබනනයට එරෙහි ඊශ්‍රායල හමුදා මෙහෙයුම් නතර කිරීම ගිවිසුමට ඇතුළත් වන බවත් ඔහු සඳහන් කළේය.
චීනය සමඟ අන්‍යෝන්‍ය විශ්වාසය වැඩිදියුණු කරගනිමින්, විවිධ ක්ෂේත්රවල සහයෝගිතාව වර්ධනය කිරීමට අපේක්ෂා කරන බවත් ඉරාන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා ප්‍රකාශ කළේ ඉරානය සහ අමෙරිකාව අතර පළමු අදියරේ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම චීනය ඉහළින් පිළිගන්නා බවය.
බලය හෝ හමුදා ක්‍රියාමාර්ග හරහා ගැටලු විසඳීමට නොහැකි බවත්, සංවාද සහ සාකච්ඡා ඔස්සේ එය සිදුකළ යුතු බවත් ඔප්පු වී ඇති බව ඔහුගේ අදහසයි.
එමෙන්ම පාකිස්ථානය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සිදුකරන මැදිහත්වීම්වලට චීනය සහාය දක්වා ඇති අතර, සාමය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කර ඇති බව ද ඔහු පැවසීය.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනය සම්බන්ධ ගැටලු නිසි ලෙස විසඳිය යුතු බවත්, ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු අවධානයට ලක්ව ඇති කරුණු සඳහා සුදුසු ප්‍රතිචාර ලබාදිය යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
කලාපීය රටවල් සමඟ සබඳතා වැඩිදියුණු කරමින් කලාපීය ආරක්ෂක රාමුවක් ගොඩනැගීම සඳහා ඉරානය ගන්නා උත්සහයන්ට චීනය සහය දක්වන බව ද චීන විදේශ අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර ඇත.
චීන-ඉරාන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් කලාපීය සාමය සහ ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා චීනය සූදානම් බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
