ජල සම්පාදන මණ්ඩලයේ බාල වැඩ නිසා දඹුල්ලට දින කිහිපයක් තිස්සේ වතුර කපලා

ජල සම්පාදන මණ්ඩලයේ බාල වැඩ නිසා දඹුල්ලට දින කිහිපයක් තිස්සේ වතුර කපලා

June 17, 2026   01:20 pm

දඹුල්ල කණ්ඩලම, සිසිරවත්ත යන ප්‍රදේශවලට පෙරේදා (15) සවස සිට ජල සැපයුම විසන්ධි කර ඇති අතර මේ දක්වා එය යථාවත් කර නොමැති බව පැවසෙයි.

මේ නිසා පවුල් 100 ගණනක් දෛනික ජල අවශ්‍යතාවයන් සපුරා ගත නොහැකිව දැඩි අපහසුතාවයකට ලක්වී තිබේ.

තාක්ෂණය මෙතරම් දියුණු යුගයක බැකෝ යන්ත්‍ර කාර්මික දෝෂයකට ලක්වී ඇති බව පවසමින් සේවකයින් කිහිපදෙනෙකු යොදවා ස්ථාන දෙකක කැණීම් සිදුකර වළවල් හාරා ඇත්තේද දෝෂය ඇති තැන අනුමාන කරමිනි.

ඉතා අවිධිමත් ලෙස සිදුකරන නඩත්තු කටයුතු හේතුවෙන් දඹුල්ල කණ්ඩලම සිසිරවත්ත ප්‍රදේශයට මෙලෙස ජල සැපයුම යථාවත් කිරීම ප්‍රමාදවී ඇති බව ගම්වාසීන් වැඩිදුරටත් චෝදනා කරයි.