බොරතෙල් බැරලයක මිල ඩොලර් 80න් පහළට
June 17, 2026 07:30 am
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (17) අමෙරිකානු ඩොලර් 80 සීමාවට වඩා පහළ අගයක් ගෙන ඇති බව විදෙස් වර්තා පවසයි.
ඒ අනුව WTI ඉන්ධන බැරලයක මිල අද දැක්වුණේ අමෙරිකානු ඩොලර් 76.28 ආසන්න අගයකි.
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 79.13 ලෙසය.
මේ අතර මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 71.81ක් දක්වා 7.02%%කින් පහළ ගොස් ඇත.
මැදපෙරදිග යුද්ධය ආරම්භ වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල මිල ගණන් පැවතියේ ඩොලර් 68 ත් 70 ත් අතර පරාසයකයි.
