මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාව පාර්ලිමේන්තුවට
June 16, 2026 04:32 pm
මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. ගාමිණී රත්නායක මහතා විසින් පසුගියදා (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 125(5) ප්‍රකාරව ඉදිරිපත් කරනු ලබන මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාවට 2025 සැප්තැම්බර් මස 01 වැනි දින සිට 2025 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා විභාග කරන ලද මහජන පෙත්සම්වලට අදාළව කාරක සභාව විසින් ලබා දෙන ලද නිර්දේශයන් සහ කාරක සභා විමර්ශනවලදී නිරීක්ෂණය වූ විශේෂ කරුණු ඇතුළත් කර ඇත.
මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව විසින් 2025 සැප්තැම්බර් මස 01 වැනි දින සිට 2025 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා පෙත්සම් විභාග කිරීම සඳහා රැස්වීම් වාර 15ක් පවත්වා පෙත්සම් 89 ක් මේ දක්වා විභාග කර ඇත.
ඒ අතුරෙන් නිර්දේශ ලබා දී ඇති පෙත්සම් සංඛ්‍යාව 43ක්ද, සහන නිර්දේශ නොකරන ලද පෙත්සම් සංඛ්‍යාව 33ක්ද, නිර්දේශ ලබා දීම කල් තබන ලද පෙත්සම් සංඛ්‍යාව 13ක්ද වේ. එම පෙත්සම් 89 සම්බන්ධයෙන් වූ තොරතුරු මෙම වාර්තාවේ අඩංගු වේ.
දසවැනි පාර්ලිමේන්තුව සඳහා වූ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 125(5) ප්‍රකාරව එහි පළමුවැනි සහ දෙවැනි වාර්තා (පාර්ලිමේන්තු ප්‍රකාශන මාලා අංක 250 සහ 390) පිළිවෙළින් 2025 අගෝස්තු මස 07 වැනි දින සහ 2025 දෙසැම්බර් මස 05 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.
