යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

June 16, 2026   01:00 pm

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ කුමන්ත්‍රණය නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා යෝෂිත රාජපක්ෂ මහතා විසින් ගොනු කර ඇති පෙත්සම් විභාගය අවසන් කළ අභියාචනාධිකරණය එහි නියෝගය ජූලි මස 03 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේය.

පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිඥ හෆීල් ෆාරිස් මහතා කරුණු ඉදිරිපත් කළ අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා කරුණු ඉදිරිපත් කළේය.

ඉන් අනතුරුව විභාගය අවසන් කළ අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර තිබේ.