ගල්අඟුරු කොමිසම නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ නිරීක්ෂණයක

ගල්අඟුරු කොමිසම නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ නිරීක්ෂණයක

June 16, 2026   12:30 pm

2009 වසරේ සිට මේ දක්වා කාලසීමාව තුළ ගල්අඟුරු ආනයනයේදී සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම් ඩී.වී. බන්දුලසේන මහතා ඇතුළු විමර්ශන නිලධාරීන් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් ව තිබේ.

මෙහිදී සිදු කළ ස්ථානීය පරීක්ෂාවේදී ගල්අඟුරු ගොඩබෑමේ සිට ගල්අඟුරු මගින් විදුලිය ජනනය කරන තෙක් වන සම්පුර්ණ ක්‍රියාවලිය නිරීක්ෂණය කර ඇත.

එමෙන්ම ගල්අඟුරු ගොඩබෑම, ගබඩා කර තැබීම, අහඹු නියැදි සාම්පල ලබා ගැනීම, නියැදි පරීක්ෂණය හා ප්‍රධාන පාලක මැදිරියේ මෙහෙයුම් කටයුතු ආදී කාර්යයන් පිළිබඳව ද මෙහිදී විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමු ව තිබේ.

ශ්‍රී ලංකාවේ ගල්අඟුරු ආශ්‍රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ අවස්ථාවේ සිට මෙම අප්‍රේල් 16 වන දිනෙන් අවසන් වූ කාල සීමාවේ රජයට අයත් සී/ස ගල්අඟුරු පුද්ගලික සමාගම හෝ එහි අනුප්‍රාප්තිකයින් මඟින් ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා හෝ නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි පරීක්ෂා කර බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම කොමිෂන් සභාව පත් කරනු ලැබීය.