වසර 31කට පසු ජපානයේ ඉහළම පොලී අනුපාතිකය මෙවර
June 16, 2026 11:46 am
ජපානයේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමට එරට මහ බැංකුව තීරණය කර තිබේ.
ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මතුව තිබෙන බලශක්ති අර්බුදය, එම තීරණයට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව 31 වසරකට පසුව ජපානයෙන් වාර්තා වූ ඉහළම ප්‍රතිපත්ති පොලී අනුපාතිකය මෙය බව සඳහන්.
කෙසේ වෙතත් ඉරානය සහ අමෙරිකාව අතර පැවති යුදමය වාතාවරණය හමුවේ මෙතෙක් අවධමන ආර්ථිකයක් පැවති ජපානය උද්ධමනය කරා ප්‍රවේශ වෙමින් පවතින බව ජපාන ආර්ථික විශේෂඥයින් පෙන්වා දී ඇත.
