අමෙරිකානු ගුවන් හමුදාවට අයත් යානයක් කඩා වැටේ

අමෙරිකානු ගුවන් හමුදාවට අයත් යානයක් කඩා වැටේ

June 16, 2026   05:51 am

අමෙරිකානු ගුවන් හමුදාවට අයත් බී-52 ස්ට්‍රැටෝෆෝට්‍රස් වර්ගයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම අනතුර අමෙරිකාවේ දකුණු කැලිෆෝනියාවේ පිහිටි එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුරේ ධාවන පථය තුළ දීම සිදුව ඇති අතර මේ හේතුවෙන් කඳවුරේ මෙහෙයුම් කටයුතු ද තාවකාලිකව අත්හිටුවා ඇත.