ඉරාන ගිවිසුමේ විස්තර ඉක්මනින්ම ප්‍රකාශ කරන බව ට්‍රම්ප් කියයි
June 16, 2026 05:18 am
ඉරානය සමග ඇති කරගත් මූලික ගිවිසුමේ අන්තර්ගත කරුණු ඉතා ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
G7 සමුළුවේදී ප්‍රංශ ජනාධිපති සමඟ පැවැති සාකච්ඡාවකදී ඔහු පවසා ඇත්තේ "මෙය අත්සන් කිරීම ගැන මම බෙහෙවින් සතුටු වෙනවා, ගිවිසුමට සම්පූර්ණයෙන්ම අත්සන් තබා තිබෙනවා" යනුවෙනි.
මේ අතර, අමෙරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද ගිවිසුමේ අන්තර්ගතය පිළිබඳ ඇතැම් තොරතුරු හෙළි කිරීමට පටන් ගෙන ඇති අතර, ඔවුන් පෙන්වා දෙන්නේ ලබන සිකුරාදා එනම් ජිනීවාහිදී මෙම ගිවිසුම නිල වශයෙන් අත්සන් තබන දිනයේදීම හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කෙරෙනු ඇති බවය.
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ තාක්ෂණික සාකච්ඡා මේ සතියේ ආරම්භ වීමට නියමිත බව ද සඳහන්.
කෙසේ වුවද, පනවා ඇති සම්බාධක ඉවත් කිරීම හෝ අත්හිටුවා ඇති වත්කම් නිදහස් කිරීම සිදු වන්නේ ඉරානය මෙම ගිවිසුම යටතේ ඇති පොරොන්දු ඉටු කරන්නේද යන්න මත පදනම්ව බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
