හොරණ දී මාරක අනතුරක්

හොරණ දී මාරක අනතුරක්

June 15, 2026   02:23 pm

හොරණ මූනගම හන්දිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයකු මියගොස් තිබේ.

හොරණ වවුල්ගල මාර්ගයේ වවුලගල දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය හරහා ගමන් කළ 73 හැවිරිදි පුද්ගලයකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය. 

අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා හොරණ රෝහල වෙත ඇතුළත් කරන අවස්ථාව වන විටත් මියගොස් සිටි බව සඳහන් වේ.

අනතුර සම්බන්ධයෙන් යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර හොරණ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.