වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය කුමක්ද - සජිත් රජයෙන් ප්‍රශ්න කරයි
June 15, 2026 01:19 pm
රජය විසින් වී කිලෝවක් සඳහා ස්ථාවර මිලක් ලබා දෙන්නේ නම් එම ස්ථාවර මිල සූතය සහ ඒ සූත්‍රය අනුව ස්ථාවර මිල තීන්දු කරන්නේ කෙලෙසද යන්න දැන ගැනීමට අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂ නායකවරයා සඳහන් කරනුයේ බිත්තර වී, පොහොර මිල, කෘෂි රසායන මිල, යන්ත්‍ර සූත්‍ර උපකරණ මිල ආදිය ඇතුළත් ව වී කිලෝවක් නිෂ්පාදනයට වැයවන පිරිවැය ගණනය කරන සූත්‍රය දැනගැනීමට අවශ්‍ය වන බවය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතීත්වයෙන් යුත් පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව අමතමිනි.
රටේ වාර්ෂික පොහොර අවශ්‍යතාව තුළ රජයේ මිලදී ගැනීම්වලින් සහ පෞද්ගලික අංශයේ මිලදී ගැනීම්වලින් එය කොතෙක් දුරට සපුරන්නේද යන්න දැන ගැනීමට අවශ්‍ය බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා යුදමය තත්ත්වය සමග පොහොර මිල ඉහළ ගිය බැවින් යුධමය තත්ත්වයට පෙර සහ පසු පොහොරවල මිල ඉදිරිපත් කරන ලෙසත්, හෝර්මූස් සමුද්‍ර සන්ධිය කේන්ද්‍ර කරගනිමින් මෙරටට පොහොර සැපයීමේදී සිදුවන බලපෑමේ ප්‍රතිශතය ඉදිරිපත් කරන ලෙසත් මෙහිදී පැවසීය.
ලොව තුළ පොහොර සැපයුමින් 20%-30%ක් පමණ හෝර්මූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බවත් මෙම පොහොර සැපයුම පිළිබඳව ගැටලු නොමැති බව පැවසුවත් ගොවිජන සේවා සහ පෞද්ගලික අංශයෙන් ලබා දෙන පොහොරවල මිල සංසන්දනය කරන විට පොහොර මිල සම්බන්ධව ගැටලුවක් නිර්මාණය වන බවත් මෙහිදී විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
තවද පොහොරවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් රජය අනුගමනය කරන ප්‍රමිතිය සේම හෙක්ටයාරයක් වගා කිරීමට කොපමණ පොහොර ප්‍රමාණයක් ලබා දෙන්නේද යන්න දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ සාමාන්‍යයෙන් හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 300ක් පොහොර ලබා දුන්නත් එය ප්‍රමාණත් නොවන නිසා එය කිලෝ 400ක් විය යුතු බවට ගොවියන් විසින් යෝජනා කරන බව පෙන්වා දුන් විපක්ෂනායකවරයා මඩ පොහොර හෙක්ටයාරයකට කිලෝ 50ක් ලබා දුන්නද එය කිලෝ 150ක් විය යුතු බවට ගොවීන් පවසන බැවින් රජය පොහොර ලබා දෙන ප්‍රමාණය ද ඉදිරිපත් කළ යුතු බවද පැවසීය.
