ඉක්වදෝරය පරදා අයිවරි කෝස්ට් කණ්ඩායමට ජය

ඉක්වදෝරය පරදා අයිවරි කෝස්ට් කණ්ඩායමට ජය

June 15, 2026   09:17 am

2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ‘E’ කාණ්ඩය යටතේ පැවැති තරගයකදී ඉක්වදෝරය පරාජය කරමින් ගෝල 1-0 ක තියුණු ජයක් වාර්තා කිරීමට අයිවරි කෝස්ට් කණ්ඩායම සමත් විය.

තරගයේ නියමිත කාලය අවසන් වීමට ආසන්නයේදී අතිරේක අවස්ථාවක අයිවරි කෝස්ට් වෙනුවෙන් අමාඩ් ඩයල්ලෝ ලබාගත් ගෝලය තරගයේ තීරණාත්මක මොහොත බවට පත්විය.

දෙපිලම ගෝල ලබා ගැනීම සඳහා අවස්ථා නිර්මාණය කළද, ඉක්වදෝරයට එම අවස්ථා සාර්ථක කර ගැනීමට නොහැකි වූ අතර, අවසානයේ අයිවරි කෝස්ට් ජයග්‍රහණය හිමිකර ගත්තේය.

මෙම ජයත් සමඟ අයිවරි කෝස්ට් කණ්ඩායම ලෝක කුසලාන ගමනට වැදගත් ආරම්භයක් ලබාගැනීමට සමත් විය.