ඩෙංගු රතු කටු පනී - රෝහල්වල රෝගී ධාරීතාව ඉහළට
June 14, 2026 01:44 pm
ඩෙංගු ඇතුළු වෛරස් රෝගී තත්ත්වයන් හේතුවෙන් රෝහල්ගත වන රෝගී සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මේ අතර දෛනිකව ඩෙංගු රෝගීන් රෝහල් ගත වීම ද ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.
එහිදී වැඩිදුර අදහස් දැක්වූ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා,
"මේ වන විට 41144ක් වාර්තා වෙලා තියෙනවා ඊයේ දිනය වන විට. ඒකෙන් 51%ක් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන්. රොගීන් 750ක් දක්වා වාර්තා වෙලා තියෙනවා දිනකට. අද වන විට රෝගීන් 630ක් දක්වා අඩු වෙලා තියෙනවා. ඒත් ඒක ඉතාම වැඩි තත්ත්වයක්. මරණ සංඛ්‍යාවත් 24ක් දක්වා වැඩිවෙලා තියෙනවා.රෝහල්වලින් රතු නිවේදන නිකුත් කරලා තියෙනවා. වාට්ටුවල විශාල සංඛ්‍යාවක් මේ රෝගීන් ප්‍රතිකාර ගන්නවා. තව දුරටත් වැඩි උනොත් මේ තත්ත්වය භයානක වෙන්න පුළුවන්. අපේ පද්ධතියට මේක දරාගත නොහැකි තත්ත්වයක් වෙන්න පුළුවන්"
