දෙදරු පියෙකුට මරු කැඳවූ අනතුර

දෙදරු පියෙකුට මරු කැඳවූ අනතුර

June 14, 2026   12:23 pm

වනාතවිල්ලුව මයිලන්කුලම ප්‍රදේශයේදී සී සෑමට ගොස් නැවත එමින් තිබු ට්‍රැක්ටරයක් ඇලකට පෙරළී එහි රියදුරා අවාසනාවන්ත ලෙස ට්‍රැක්ටරයටම යටවී මරණයට පත්ව තිබේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ වනාතවිල්ලුව මයිලන්කුලම ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි දෙදරු පියෙකි.

අදාළ රියදුරු කොමිස් පදනම මත වෙනත් හිමිකරුවකුගේ ට්‍රැක්ටරයක සීසෑම සිදුකරන බවත්, කුඹුරක් සී සෑමේන් පසු නැවත පැමි‍ණෙමින් සිටියදී අධික වේගයත් සමඟ ට්‍රක්ටරය පාලනය කර ගැනිමට නොහැකි වීමත් සමඟ කුඹුරු වෙත ජලය රැගෙන යන ඇල මාර්ගයකට පෙරළී එම ට්‍රැක්ටරයටම යටවී මෙලෙස මරණයට පත්ව ඇති බව මූලික පොලිස් පරික්ෂණවලදි තහවුරු වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.