අමෙරිකාව සහ ඉරානය අතර සාම ගිවිසුම හෙට අත්සන් කරන බව ට්‍රම්ප් කියයි

අමෙරිකාව සහ ඉරානය අතර සාම ගිවිසුම හෙට අත්සන් කරන බව ට්‍රම්ප් කියයි

June 13, 2026   10:58 pm

ඉරානය සහ අමෙරිකාව අතර අත්සන් කිරීමට නියමිත අවබෝධතා ගිවිසුම හෙට (14) දිනයේදී අත්සන් කෙරෙනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබේ.

සිය truth social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ එම ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව වහාම හෝමූස් සමුද්‍ර සන්ධිය සැමට විවෘත වන බවය.

ඉරානය සමග අමෙරිකාවට ඇති සම්බන්ධතාවය පෙර අමෙරිකානු පරිපාලනයන්ට වඩා බෙහෙවින් වෙනස් සම්බන්ධතාවක් බවත් සඳහන් කර ඇති අමෙරිකානු ජනාධිපතිවරයා ඉදිරියේදී ඉරානය සහ සමස්ත මැදපෙරදිග සමගම වැඩ කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් ඉරානය සඳහන් කර ඇත්තේ මෙම ගිවිසුම අත්සන් කිරීම හෙට දිනයේදී සිදු නොවනු ඇති බවය.

ඉරාන විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක එස්මයිල් බගයි උපුටා දක්වමින් ඉරාන රාජ්‍ය මේ බව වාර්තා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ.

ඉරානය අවධාරණය කර ඇත්තේ අනෙක් පාර්ශ්වයේ පැකිලීම හේතුවෙන් අත්සන් කිරීමේ දිනය පිළිබඳව කිසියම් අදහසක් සම්බන්ධයෙන් ප්‍රවේශමෙන් කටයතු කළ යුතු බවය.