රුපියල් කෝටි 2ක හෑෂ් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
June 12, 2026 08:41 pm
රුපියල් කෝටි 2කට අධික හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස, අපරාධ විමර්ශන අංශයට ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
ඔහු සතුව තිබී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 125ක ප්‍රමාණයක් පොලිසිය විසින් සොයා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි අයෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.
