පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
June 11, 2026 09:50 pm
අමෙරිකානු ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනය අභ්‍යන්තරයේ ඇතිවූ 'වායු තත්ත්ව ගැටලුවක්' හේතුවෙන් එහි කොටසක් හදිසියේම වසා දැමීමට පියවරගෙන තිබේ.
එමෙන්ම එහි සිව්වන සහ හත්වන කොරිඩෝ මෙන්ම දෙවන මහලේ සිට පස්වන මහල දක්වා මහල් මේවන විට වසා දමා, මහල් කිහිපයක පිරිස ඉන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.
පෙන්ටගන බලධාරීන් ප්‍රකාශ උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කළේ, එහි අභ්‍යන්තර ආරක්ෂක පද්ධති මඟින් වායුවල ගුණාත්මකභාවයේ වෙනසක් හඳුනා ගැනීමත් සමග පූර්ව ආරක්ෂණ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවය.
සිද්ධිය ඇතිවීමත් සමග පෙන්ටගන පරිශ්‍රය තුළ යම් නොසන්සුන්තාවක් ඇතිවී ඇති අතර, මේ වනවිට එම තත්ත්වය පාලනය කර ඇති බව වාර්තා වේ.
අන්තරායකර ද්‍රව්‍ය ප්‍රතිචාර කණ්ඩායම් සහ ප්‍රාන්ත ගිනිනිවන දෙපාර්තමේන්තු නිලධාරීන් තත්ත්වය පාලනයට කටයුතු කරමින් සිටින අතර, කුමන හේතුවක් මත මෙය ඇතිවූයේද යන්න අනාවරණය වී නොමැත.
මේ සම්බන්ධයනේ වැඩිදුර විමර්ශයක්ද මේ වනවිට අරඹා ඇත.
