කුවේට්හි මත් ජාවාරමේ නිරත ලාංකිකයෝ තිදෙනෙක් අත්අඩංගුවට
June 11, 2026 07:12 am
කුවේට්හි මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වූ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කුවේට් ආරක්ෂක අංශ විසින් සිදුකළ විශේෂ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර ශ්‍රී ලාංකිකයින් තිදෙනාට අමතරව කුවේට් ජාතිකයින් දෙදෙනෙකු, ඉන්දීය ජාතිකයෙකු සහ තවත් විදේශිකයින් දෙදෙනෙකු වන බව සඳහන්ය.
සැකකරුවන් සතුව තිබී හෂීෂ්, හෙරොයින්, මත්පෙති ඇතුළු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර මත්ද්‍රව්‍ය මැනුම් උපකරණ සහ ඇසුරුම් උපකරණ ද සොයාගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ උපකරණ වැඩිදුර විමර්ශන සඳහා කුවේට් රාජ්‍යයේ අපරාධ ආරක්ෂක අංශය වෙත භාර දී තිබේ.
