PHI වගේ කඩවලට කඩා පනින පිරිසක් ගැන පැමිණිලි
June 10, 2026 11:05 pm
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සමාන නිල ඇඳුමින් සැරසී වෙළෙඳසැල්වලට ගොස් අඩුපාඩු පෙන්වා, නඩු මාර්ගයට නොයාමට වෙළෙඳසැල් හිමියන්ගෙන් මුදල් ඉල්ලු කණ්ඩායමක් පිළිබඳ පොලිසියට පැමිණිලි ලැබී තිබේ.
අදාළ පිරිස අනුරාධපුර, එප්පාවල, තලාව, තඹුත්තේම වැනි ප්‍රදේශවල වෙළෙඳසැල්වලට පැන මෙම වංචාවේ නිතරවී ඇත.
CCTV දර්ශන ඔස්සේ කළ විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ, රෝහල්තුළ මැලේරියා මදුරු නිවාරණ අංශයේ සේවකයින්ට ලබාදී ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිල ඇඳුමට සමාන නිල ඇඳුම් භාවිතකර මෙම ක්‍රියාව සිදුකර ඇති බවය.
