වේගයෙන් ආ කැබ් රථය කාන්තාවකට මරු කැඳවයි
June 10, 2026 02:19 pm
මාවනැල්ල පොලිස් වසමේ මාකඩවර හන්දිය ප්‍රදේශයේදී මහනුවර සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවක් ගැටී අනතුරක් සිදුව ඇත.
අද (10) අළුයම සිදුවූ අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික කාන්තාව මාවනැල්ල රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
මරණකාරිය වයස අවුරුදු 69ක් වූ ගනේතැන්න, හිඟුල ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.
කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙනඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
