පන්සලට පැන්න හොරා බඩුත් එක්ක මාට්ටු

පන්සලට පැන්න හොරා බඩුත් එක්ක මාට්ටු

June 10, 2026   08:15 am

පාදුක්ක මාදුලාව ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ කවි බණ පටිගත කරන ශබ්දාගාරයක් බිඳ එහි තිබූ රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා පරිගණක ඇතුළු පටිගත කිරීමේ උපාංග රැසක් සොරා ගත් පුද්ගලයයෙකු අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලීසිය පවසයි.

එම විහාරස්ථානයේ හිමිනමක් විසින් පාදුක්ක පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්‍ෂණයකදී බස්නාහිර පළාත් බුද්ධි අංශය ලබා දුන් තොරතුරකට අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පාදුක්ක, වටරැක ජයමුතුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 36 හැවිරිදි දෙදරු පියෙකි.

භාණ්ඩ සොරා ගැනීමෙන් අනතුරුව මෙම භාණ්ඩ පුද්ගලයෙකුට විකුණා තිබියදී සොයා ගැනීමට හැකි වී ඇත.

සැකකරු අයිස් මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ අයෙකු වන අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ද පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

සැකකරු හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.